Saturday, December 1, 2012

අම්බුළුවාව




අම්බුළුවාව 


ක්‍රිස්තු වර්ෂ 1347 - 1409 දක්වා අවුරුදු 62 ක් වැනි කෙටි කාලයකට මෙම රාජධානිය සිමා විය. iv බුවනෙක බාහු, v වන පරාක්‍රමබාහු, iii වන වික්‍රමබාහු, v වන බුවනෙක බාහු,  ii වන වීරබාහු සහ  vi වන විජයබාහු  යන රජවරු හය දෙනෙක් ගම්පොල රජකම් කළහ.

ජල දුර්ගයන් හා වන දුර්ගයන්ගෙන් පිරිපුන් රාජධානියකි. එක්පසෙකින් මහවැලි ගංගාවද අනෙක් පසින් වනාන්තර හා කදු වලින් වට වී ඇති මනරම් පරිසරයකි. ශ්‍රී ලංකාව තුල කොපි වගාව ආරම්භ කරන ලද්දේද ගම්පොල රාජධානියේ සිංහපිටියේ දීය. 

මෙලෙස බලන කල ඉතාමත් වටිනා යුගයකට උරුමකම පවසන ගම්පොල නගරයේ දර්ශනීය පසුබිම නැරඹීමට ඉදිකළ ස්ථානයකි අම්බුළුවාව. යහපත් කල්පනාවක් පෙරදැරි ක‍රගෙන ඉදිකර ඇති මෙම නිර්මාණය පරිසර විනාශය , මෙන්ම මිනිසාගේ විනාශය උරුම කර ගත් තෝතැන්නක් බවට‍ පත්ව ඇත.

ඉදිරියේදී අප දකිනුයේ අප ගමන් ගන්නා මාර්ගය, පරිසරයේ අලංකාරය සහ විනාශයයි. මෙහි කදු දැනටමත් නායයෑමේ ආරම්භයට මුහුණ දී ඇති අතර විදේශීය පැළෑටි සිටුවා ජල පද්ධතිය විනාශයට ලක් කර ඇත. අම්බුළුවාව මුදුන තරණය කරන විට දක්නට ලැබෙනුයේ මිනිසාගේ විනාශයයි. කිසිම සැලැස්මකින් තොරව අහස උසට නැගෙනා සිමෙන්ති බදාමයන් මේ වන විට පුපුරා ගොස් හමාරයි. ලස්සන බලන්න සැරසෙන විට ජීවිතය අවසන් වී හමාරයි. මේ ගැනත් සිතන්න! 




No comments:

Post a Comment