Wednesday, December 5, 2012

දළදා මාලිගාව

 
 
කිත්සිරි මෙවන් රජුගේ පාලන සමයේ, එකල ඉන්දියාවේ කාලිංග දේශයේ සිට දන්තධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී. ඇත අතීතයේ සිට දන්තධාතූන් වහන්සේ රාජ්‍ය සංකේතය ලෙස ගරු බුහුමන් පවත්වනට විය. මුල් කාලයේදී සතුරු අක්‍රමණ වලින් ආරක්ෂා කර ගැනීම සදහා විවිධ ස්ථානවල සගවා තබන ලදී. පොලොන්නරුව, බෙලිගල, දඹදෙණිය, යාපහුව, ආදී රාජධානි තුල දළදා වහන්සේ වැඩ සිටියහ. ආර්යචක්‍රවර්තී දළදා වහන්සේ පැහැර ගෙන ඉන්දියාවට පලා ගියද , අපගේ තුන්වන පරාක්‍රමබාහු රජු විසින් එය නැවත ගෙන්වා ගන්නා ලදී.
 
අපගේ දළදා වහන්සේ පළමු වරට මහනුවරට ගෙන එන ලද්දේ පළමු වන විමලසුරිය රජු විසිනි. මෙම රජතුමා විසින් ඉදිකරන ලද දළදා මාළිගාව ඔහුගේ පුත්‍ර වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා විසින් ප්‍රතිසංස්කරනය කරන ලදී. ඉන් පසු කිර්ති ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් දැනට දක්නට ලැබෙන පත්තිරිප්පුව නම් අටපට්ටම් හැඩ ඇති ගොඩනැගිල්ල ඉදි කරන ලදී. ඒ වගේම පැරණි මාළිගාව වටකර අලුතින් මාලිගාවක් මේ වන විට ඉදිකර ඇත. එනමුත් පැරණි මාළිගාවට කිසිම හානියක් නොවන පරිදි මෙම ඉදිකිරිම නිමකර ඇත. දන්තධාතූන් වහන්සේ වැඩ සිටින්නේ පැරණි මාලිගා ගෘහය තුලය.
 
සැදෑ අදුර පතිත වන විට මෙහි පැමිණි අප හට දිස් වුයේ කෙදිනකවත් දැක නොමැති අසිරියකි. විදුලි ආලෝකයෙන් මෙන්ම පොල්තෙල් පහන් වලින් නැගෙන ආලෝකයද ඉතාමත් චමත්කාර දර්ශනයක් විය.
ඒ වගේම රාජා බලන්න යන්නද අමතක නොකෙලෙමි. දන්තධාතූන් වහන්සේ  අප සතු වටිනාම සම්පතකි.  


No comments:

Post a Comment