Sunday, December 2, 2012

ඇම්බැක්කේ



ඇම්බැක්කේ 

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රදේශයේ ඇම්බැක්කේ දේවාලය හෙවත් කතරගම දේවාලය පිහිට ඇත.
පේරාදෙණියේ සිට අලකොලංග සහ පිළිමතලාව පාරේ 3 හා 4 යන සැතපුම් කණු අතරින් වෙලම්බඩ පාර දිගේ සැතප්මක් පමණ ගොස් කුඹුරක් ඔස්සේ ගමන් කිරීමෙන් පසු ඇම්බැක්කේ දේවාලයට ලගා විය හැකිය.
දේවාලය කොටස් තුනකින් සමන්විත වේ. 1.දේවාලය. 2.දිග්ගේ. 3.හේවිසි මණ්ඩපය. 1357 - 1374
දක්වා රජකම් කල තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම දේවාලය කතරගම දෙවියන් සදහා ඉදිකර පුජා
කරන ලද්දකි.මෙම දේවාලය ප්‍රසිද්ධියට හේතු වී ඇත්තේ හේවිසි මණ්ඩපයේ ඇති වටිනා ලී කැටයම් නිසාය.
හංස රූප,හංස පුට්ටු,හේරුණ්ඩ පක්ෂියා, ලියතඹරා වැල, මල්ලව පොර බදන්නන්,නැට්ටුවන්, සෙබළුන්
ආදියෙන් කැටයම් හැඩ කරවා ඇත.
 
දේවේන්ද්‍ර මුලාචාරීනම් ශිල්පියෙකුගේ අගනා නිර්මාණ පෙළකගේ එකතුවක් ලෙස
ප්‍රකටව ඇත. දේවාල ගොඩනැගිල්ල දිග අඩි 126 ක් ද පළල අඩි 30 කි. දේවාලයට පැමිණෙන්න පෙර හතරවන බුවනෙක බාහු රජු විසින් කරවන ලදැයි කියන අම්බලමක් ද ඇත.

ඔබ විසින් මේ දකිනුයේ දේවාල භුමියේ දක්නට ඇති නටබුන්ව ඇති වස්තුන් කිහිපයකි. මේ අතරට අවට පරිසරයේ ඇස රැදුන තැන් ද දක්නට ලැබේ.

No comments:

Post a Comment