Thursday, December 6, 2012

හුන්නස්ගිරිය සේයාරු

ලංවිම
 
හෙල්මළු
 
දිය ඇල්ල
 
නිදහසෙන්
 
එළවලු
 
නිම්නය
 
ප්‍රධාන මාර්ගය
 
මල්
 
කදු
 
සුරකිමු පරිසරය
 
 
 
 
 
 
 

හුන්නස්ගිරිය

 
නම දුටු පමණින් මතකයට නැගෙනුයේ එළවලු වනු නියතයි. ඉතාමත් දර්ශනීය පරිසරයකින් අලංකාර නෙත් සිත් වශීකරවන පරිසරයකට නිදසුනක් ලෙස කිව හැකිය. කදු, නිම්න, දිය ඇලි, සතුන්, හරිත වර්ණ පරිසරය, බෝග වගාවන්, මීදුමෙන් වැසුන කදු යන්දිය මෙහි දක්නට ලැබේ. නුවර මහියංගනය මාර්ගයේ යනවිට හුන්නස්ගිරිය හමුවේ. ඔයාලත් මේ පාරේ ගමන් කරන විට පොඩ්ඩක් නැවතී ලස්සන ශ්‍රී ලංකාව ගැන ආඩම්බර වන්න අමතක නොකරන්න!


Wednesday, December 5, 2012

දළදා මාළිගාව සේයාරු

ඉදිරිපස
 
ආරක්‍ෂිත මාලිගය
 
කැටයම් කලාව
 
විහාරගෙ
 
සැගවුන අමුත්තා
 
පහන් ආලෝකය
 
රාජා
 
රාජා
 
පත්තිරිප්පුව
 
බෝසමිදු

දළදා මාලිගාව

 
 
කිත්සිරි මෙවන් රජුගේ පාලන සමයේ, එකල ඉන්දියාවේ කාලිංග දේශයේ සිට දන්තධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී. ඇත අතීතයේ සිට දන්තධාතූන් වහන්සේ රාජ්‍ය සංකේතය ලෙස ගරු බුහුමන් පවත්වනට විය. මුල් කාලයේදී සතුරු අක්‍රමණ වලින් ආරක්ෂා කර ගැනීම සදහා විවිධ ස්ථානවල සගවා තබන ලදී. පොලොන්නරුව, බෙලිගල, දඹදෙණිය, යාපහුව, ආදී රාජධානි තුල දළදා වහන්සේ වැඩ සිටියහ. ආර්යචක්‍රවර්තී දළදා වහන්සේ පැහැර ගෙන ඉන්දියාවට පලා ගියද , අපගේ තුන්වන පරාක්‍රමබාහු රජු විසින් එය නැවත ගෙන්වා ගන්නා ලදී.
 
අපගේ දළදා වහන්සේ පළමු වරට මහනුවරට ගෙන එන ලද්දේ පළමු වන විමලසුරිය රජු විසිනි. මෙම රජතුමා විසින් ඉදිකරන ලද දළදා මාළිගාව ඔහුගේ පුත්‍ර වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා විසින් ප්‍රතිසංස්කරනය කරන ලදී. ඉන් පසු කිර්ති ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් දැනට දක්නට ලැබෙන පත්තිරිප්පුව නම් අටපට්ටම් හැඩ ඇති ගොඩනැගිල්ල ඉදි කරන ලදී. ඒ වගේම පැරණි මාළිගාව වටකර අලුතින් මාලිගාවක් මේ වන විට ඉදිකර ඇත. එනමුත් පැරණි මාළිගාවට කිසිම හානියක් නොවන පරිදි මෙම ඉදිකිරිම නිමකර ඇත. දන්තධාතූන් වහන්සේ වැඩ සිටින්නේ පැරණි මාලිගා ගෘහය තුලය.
 
සැදෑ අදුර පතිත වන විට මෙහි පැමිණි අප හට දිස් වුයේ කෙදිනකවත් දැක නොමැති අසිරියකි. විදුලි ආලෝකයෙන් මෙන්ම පොල්තෙල් පහන් වලින් නැගෙන ආලෝකයද ඉතාමත් චමත්කාර දර්ශනයක් විය.
ඒ වගේම රාජා බලන්න යන්නද අමතක නොකෙලෙමි. දන්තධාතූන් වහන්සේ  අප සතු වටිනාම සම්පතකි.  


Tuesday, December 4, 2012

ගඩලාදෙණිය සේයාරු

මලසුන් ගෙවල්

බෝසමිදු

ඉදිරිපස

කළුගල් කුළුණු තොරණ



වී අටුව

පොකුණ

ගඩලාදෙණිය විහාරය

 


  ගඩලාදෙණිය විහාරය 


සද්ධර්ම තිලක විහාරය නමින් එකල ප්‍රකට වූ පුද බිම ගඩලාදෙණිය නමින් අද වනවිට ප්‍රසිද්ධව ඇත. මෙය පිහිටා ඇත්තේ ලංකාතිලක විහාරයට ගමන් කරන මර්ගයේමය. හතරවෙනි බුවෙනෙක බාහු රජුගේ සේනාධිලංකාර නම් නම් අමාත්‍ය වරයෙකු විසින් ඉදි කරන ලද්දක් බව මෙහි ඇති සෙල්ලිපිය සාක්ෂි දරයි.

විහාරය ඉදිරි පසින්ම ඇත්තේ කළු ගලෙන් නිමවන ලද තොරණකි. තොරණේ පහළ කොටස මදක් උඩට උස්ව සිටින සේ ඒ තුල නටන්නන් ගයන්නන් කැටයම් කර ඇත.ඉහළ කොටස තුල සිංහ රූප ඇත.  සදකඩපහන, ඇත් රූප සහ ගජසිංහ රූප නෙලා ඇත්තේ කළු ගලින්මය. දිග්ගෙය නාමින් අඩි100 ක් දිග ශාලාවක් විහාරයට යාබදව ඇත.වෙහෙර වටා මලසුන් ගෙවල් හතරක් හා ඇත් රූප 8 ක් තිබේ.



Monday, December 3, 2012

ලංකාතිලක විහාරය සේයාරු

බෝමළුව

වෙහෙර වහන්සේ

වෙහෙර වහන්සේ

මල්

කහ කුරුල්ලා

රාජාලියා
 
ගජසිංහ රුප
 
කැටයම් කලාව

වටිනාකම

මකර තොරණ

පිහිටීම

පොඩි හාමුදුරුවෝ

වී අටුව

ලංකාතිලක විහාරය


ලංකාතිලක විහාරය

ගම්පොල යුගයට අයත් වටිනාම සිද්ධස්ථාන අතරින් ප්‍රධාන පිංබිමකි මේ. ගම්පොල රාජ්‍ය කල හතරවෙනි බුවෙනෙකබාහු(ක්‍රි.ව.1341-1351 ) රජතුමාගේ කාලයේ ඉදිකරන ලද්දකි. ප්‍රධාන දොරටුව තුල විශාල මකර තොරණකි. පිට ගැට පෙළ දෙපස විශාල ගජසිංහ රුප දෙකකි.ගොඩනැගිල්ල වටා ඇත් රුප 14 කි.කුඩා මකර තොරණ පහකින්ද ඇතුල් දොර දෙපස දොරටු පාල රුප හතරකින් යුත් අලංකාර නිර්මාණයන් ගෙන් පෝෂණය වී ඇත.