Tuesday, December 4, 2012

ගඩලාදෙණිය විහාරය

 


  ගඩලාදෙණිය විහාරය 


සද්ධර්ම තිලක විහාරය නමින් එකල ප්‍රකට වූ පුද බිම ගඩලාදෙණිය නමින් අද වනවිට ප්‍රසිද්ධව ඇත. මෙය පිහිටා ඇත්තේ ලංකාතිලක විහාරයට ගමන් කරන මර්ගයේමය. හතරවෙනි බුවෙනෙක බාහු රජුගේ සේනාධිලංකාර නම් නම් අමාත්‍ය වරයෙකු විසින් ඉදි කරන ලද්දක් බව මෙහි ඇති සෙල්ලිපිය සාක්ෂි දරයි.

විහාරය ඉදිරි පසින්ම ඇත්තේ කළු ගලෙන් නිමවන ලද තොරණකි. තොරණේ පහළ කොටස මදක් උඩට උස්ව සිටින සේ ඒ තුල නටන්නන් ගයන්නන් කැටයම් කර ඇත.ඉහළ කොටස තුල සිංහ රූප ඇත.  සදකඩපහන, ඇත් රූප සහ ගජසිංහ රූප නෙලා ඇත්තේ කළු ගලින්මය. දිග්ගෙය නාමින් අඩි100 ක් දිග ශාලාවක් විහාරයට යාබදව ඇත.වෙහෙර වටා මලසුන් ගෙවල් හතරක් හා ඇත් රූප 8 ක් තිබේ.



No comments:

Post a Comment